කලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් මේ වසරේ (2024) දී වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ සඳහා ප්‍රබල සාක්ෂි පවතින බවද නවතම ආර්ථික දර්ශක මගින් ඒ බව පෙන්නුම් කරන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ. ඉකුත් අප්‍රේල් මස නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් වූයේ මේ වසරේ ආර්ථිකය සියයට 3කින් වර්ධනය වනු ඇති බවයි.
මේ අනුව සියයට 3 ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් මේ වසරේ වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 5.3කින් සහ දෙවන කාර්තුවේදී සියයට 4.7කින් ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වූ අතර මෙසේ වසරේ පළමු මාස හයේදී වාර්තා කරන ලද ඉහළ ආර්ථික වර්ධනය මේ වසරේ දෙවන මාස හයේදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් ක