රජය මගින් අද (01දා) සිට ක්රියාත්මක කිරීමට නියමිතව තිබූ පොහොර සහනාධාරය සහ ධීවරයන් සඳහා ලබාදීමට නියමිතව තිබූ ඉන්ධන සහනාධාරය මහ මැතිවරණය අවසන් වනතෙක් අත්හිටුවීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.
මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන වකවානුවක මෙවැනි සහනාධාර ලබාදීමට යෑම නිසා අනෙකුත් අපේක්ෂකයන්ට අසාධාරණයක් වන නිසා මෙම තීරණය ගත් බව මැතිවරණ කොමිසම පවසයි.
මහ කන්නය සඳහා ලබාදී තිබූ රුපියල් 15,000ක පොහොර සහනාධාරය අද සිට රුපියල් 25,000 දක්වා ඉහළ දැමීමටත් බහුදින සහ එක්දින ධීවර කර්මාන්තය සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමටත් තීරණය කර තිබුණි.