මේ වසරේ (2024) අගෝස්තු මාසය අවසාන වනවිට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙයට චීන මහජන බැංකුවෙන් ලද විදේශ විනිමය හුවමාරු පහසුකම් ද ඇතුළත්ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින විස්තීරණ ණය පහසුකම් වැඩපිළිවෙළ නව රජය මගින් ද අඛණ්ඩව පවත්වාගෙන යෑම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කඩිනමින් අවසන් කිරීම රටේ විදේශ සංචිත තවදුරටත් ශක්තිමත් කිරීමට ද හේතුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙසේ විදේශ සංචිත ප්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා මහ බැංකුව විසින් දේශීය වෙළෙඳපොළෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි මහ බැංකුව කියයි.