සුරාබදු දෙපාර්තමේන්තුව නව බලපත්‍ර 172ක් ලබාදී රුපියල් කෝටි 220ක ආදායමක් උපයාගෙන ඇත.
මෙම නව බලපත්‍ර ලබාදීම පසුගිය වසරේ (2023) මැයි මාසයේ සිට මේ දක්වා සිදුකර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ කාලසීමාවේ නීතිවිරෝධී ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබාදී ඇති බවට චෝදනා එල්ල වුවත් එම බලපත්‍ර ලබාදී ඇත්තේ නීත්‍යානුකූලව බවත් ඒ සම්බන්ධ සියලු තොරතුරු නව රජයට ලබාදී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේත් මේ මස (සැප්තැම්බර්) 15 වැනිදා වන විට රුපියල් බිලියන 152ක සුරාබදු ආදායමක් ලබා ඇති බවත් මේ මස අවසන් වනවිට එය රුපියල් බිලියන 162 දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු කීය.
2023 සහ 2024 වර්ෂවලට අදාළ හිඟ සුරාබදු මේ මස අවසන් වීමට පෙර ගෙවන ලෙසත් එසේ නොකළොත් 2025 වසරට සුරාබදු නිෂ්පාදන බලපත්‍ර ලබාදීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවත් එම නිලධාරියා පැවසීය.
සුරාබදු ආදායම වැඩිවීමට නව බලපත්‍ර ලබාදීම හේතුව බවත් එම බලපත්‍ර ලබාදීමට පෙර ප්‍රාදේශීය ලේකම්, අදාළ පොලිස් ස්ථානය, පළාත භාර සුරාබදු කොමසාරිස් සහ විරෝධතා පරීක්ෂණ ඇතුළු සියලු වාර්තා සැලකිල්ලට ගත් බවත් එම නිලධාරියා කියා සිටියේය.