මහ මැතිවරණය සඳහා රජයේ මුද්‍රණාලය තුළ දැන් සිදුකෙරෙන මුද්‍රණ කටයුතු වෙනුවෙන් තවදුරටත් දැඩි පොලිස් රැකවරණ යොදා ඇත.
එම මුද්‍රණ කටයුතු සිදුකරන විශේෂ කාමරවලට සහ රජයේ මුද්‍රණාලය අවට මෙම පොලිස් රැකවරණ යොදා තිබේ.
මෙම මැතිවරණය සඳහා අවශ්‍ය විශේෂිත කඩදාසි ඉදිරි මැතිවරණ කීපයකටම අවශ්‍ය තරම් ගබඩා කර ඇතැයි රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.