ලබන මහ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලුම දේශපාලන පක්ෂ පිළිබඳව කඩිනමින් විස්තර තමන්ට දැනුම් දෙන ලෙස ඉල්ලා ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
තමා කළ ඉල්ලීමට කන්දුන් දේශපාලන පක්ෂ දෙකක් දැනටත් එම විස්තර දැනුම්දුන් බව කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා තමා මෙම ඉල්ලීම කරනු ලබන්නේ මෙම මැතිවරණ කටයුතු කල්තියා සැලසුම් කිරීමට හැකි වෙන නිසා යැයිද කීය.