පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර ඇත.ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බව වාර්තාවේ.එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දෙයි.මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම්වරිය එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ චක්රලේඛයෙන් දැනුම් දී ඇත.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

