පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශන සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එම විමර්ශනවල කරුණු සලකා බලා ශිෂ්‍යත්ව විභාගය නැවත පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බවද විමර්ශනවලින් අනතුරුව සාධාරණ විසඳුමකට එළඹෙන බවද අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියාය.