යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව රුපියල් මිලියන තිස්තුනක වටිනාකමින් යුත් තල්මස් වමනය හෙවත් ඇම්බර් 6 kg සමඟ වයස අවුරුදු 46 ක පුද්ගලයෙකු හොරණ ප්රදේශයේදී අද (12) දින මිරිහාන විශේෂ විමර්ෂණ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් හොරණ පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර, ඇම්බර් සඳහා විශාල ඉල්ලුමක් පවතින්නේ ලොව මිල අධිකතම සුවඳ විලවුන් සහ ඖෂධ නිෂ්පාදනයට එය භාවිත කිරීම හේතුවෙන් බවටද වාර්තාවේ.