බදුල්ල සොරණාතොට කන්දේ ඊයේ (10) පස්වරුවේ ඇති වූ හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .
සොරණාතොට වැඩිහිටි නිවාසය ආසන්නයේ පිහිටි මෙම කන්දේ ගින්න හදිසියේ හටගෙන ඇති අතර පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ ගින්න කැලෑවේ සීග්‍රයෙන් පැතිර යමින් තිබූ බවත් ,එළදලුව යුදහමුදා කදවුරේ නිලධාරීන් පැමිණ කොල අතු භාවිතා කරමින් ගින්න නිවාදැමීමට කටයුතු සිදු කල බවත් හෙතෙම කීය .
කිසිවෙකු විසින් පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කන්දට ගිනිතබන්නට ඇතැයි සැකකරයි .