පුත්තලම, සේරක්කුලිය වෙරළ ප්රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, ළදු කැළෑවක් තුළ සඟවා තිබූ මත්පෙති 35,470 තොගයක් සොයාගත් බව නාවික හමුදාව පවසයි.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපණ්ණි ආයතනය, උතුරු මැද නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය සමඟ එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදුකර ඇත.
මෙම මත්පැති තොගය මලු දෙකක බහා තිබූ අතර නීති විරෝධී ලෙස රැගෙන ආ බවට සැකකෙරේ.
අත්අඩංගුවට ගත් මත්පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදාව භාරයේ තබා ඇත.