චීනය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන සියලු අප්‍රිකා රටවල් සමඟ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නංවන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.
චීන අප්‍රිකා සහයෝගතා සංසදයේ බෙයිජිං සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වෙමින් චීන ජනාධිපතිවරයා මේ බව කීය. එම උළෙල අද (5) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේදී පැවැත්විණි.
‘අත්වැල් බැඳ ගෙන නවීකරණය ඉදිරියට ගෙන යමින් පොදු ඉරණමක් සහිත ප්‍රජාව එක්ව ගොඩනැගීම’යන මැයෙන් එහිදී චීන ජනාධිපතිවරයා ප්‍රධාන දේශනය සිදු කළේය.
2000 වසරේදී චීන අප්‍රිකා සහයෝගතා සංසදය පිහිටුවන ලද බව කී ෂී ජින් පිං මහතා ගෙවුණු වසර 24 තුළ, චීනය සහ අප්‍රිකාව අත්වැල් බැඳගෙන එකිනෙකාගේ නීත්‍යනුකූල අයිතිවාසිකම් ස්ථීර ලෙස ආරක්ෂා කළ බව පෙන්වා දුන්නේය.
දැවැන්ත ව්‍යසන සහ වසංගත හමුවේ පවා දෙපාර්ශ්වය එක්ව රැඳීසිටි බවද චීන ජනාධිපතිවරයා කීය.
චීනය සහ අප්‍රිකාව මුල සිටම අන්‍යේන්‍ය අවබෝධය සහිතව එකිනෙකාට සහාය දෙන අතර, ජාත්‍යන්තර සබඳතාව සඳහා නව ආකාරයේ ආදර්ශයක් බිහිකර ඇති බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.