ගොවීන්ගේ වී මිලදී ගැනීම සදහා අනුරාධපුර ගබඩා විවෘත කර දින දහයකට අධික කාලයක් ගත වුවත් අනුරාධපුර දිස්ත්රික්කයේ කිසිදු ගොවියකු වී අලෙවි මණ්ඩලයට වී අලෙවි නොකළ බව අනුරාධපුර ප්රාදේශීය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා පවසයි.
වී අලෙවි මණ්ඩලයට අයත් අනුරාධපුර දිස්ත්රික්කයේ ප්රධානතම ගබඩා වන අනුරාධපුර නගරයේ සේනානායක ගබඩාව,නොච්චියාගම ගබඩාව හා කැකිරව යන ප්රදේශවල ගබඩා ගොවීන්ගේ වී මිලදී ගැනීම සදහා මීට දින දහයකට පමණ පෙර විවෘත කර තිබේ.
එහෙත් අනුරාධපුර දිස්ත්රික්කයේ කිසිදු ගොවියකු තම වී අස්වැන්න අලෙවි කිරිම සදහා මෙම ගබඩාවලට රැගෙන නොපැමිණි බව මේ පිළිබදව කළ විමසුමේදී වී අලෙවි මණ්ඩලයේ අනුරාධපුර ප්රාදේශිය කළමනාකරු නිමල් තෙන්නකෝන් මහතා අද (2වැනිදා) පැවැසීය.
ගොවීන් කල් තබා වී අලෙවි කිරීමත්, රජයේ අනුමත මිලට වඩා වැඩි මිලකට පෞද්ගලික වෙළෙදුන් ගොවීන්ගෙන් වී මිලදී ගැනීම මීට හේතුවී ඇති බව ද නිමල් තෙන්නකෝන් මහතා පවසයි.