රුපියල් කෝටි 11කට අධික වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග මැලේසියා ජාතික කාන්තාවක බෙල්ලන්විල හෝටලේකදි අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි.
සැකකාරිය සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 3 ගෑම් 610 පොලිස් භාරයට ගෙන ඇත.
මෙය මෑත කාලයේදී මෙරටින් සොයාගත් විශාලම කොකේන් මත්ද්‍රව්‍ය ප්‍රමාණය බව පොලිසිය කියයි.
සැකකාරිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.