නවතා තිබු මගී ප්රවාහන බස් රථයක ත්රිරෝද රථයක් ගැටි සිදුවු මාරක අනතුරකින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුළු කළ බව මුන්දලම පොලීසිය පැවසීය.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ත්රිරෝද රථයෙ ගමන් ගත් මදුරන්කුලිය කරිකට්ටිය ප්රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.
විදේශ රැකියාවක් සඳහා පිටත් වීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත යමින් සිටි අයෙක්ව රැගෙන යමින් තිබූ ත්රිරෝද රථයක් මෙලෙස බස් රථයෙ ගැටි අනතුරට ලක්වි තිබුණි.
පොලීසිය පවසන්නේ පුත්තලම සිට හලාවත දක්වා ගමන් කර තිබු පුද්ගලික මගී ප්රවාහන බස් රථයක් මගීන් නංවා ගැනිමට මුන්දලම රෝහල ඉදිරිපිට නවතා තිබියදී පසුපසින් පැමිණි මෙම ත්රිරෝද රථය එම බස් රථයේ ගැටී ඇති බවයි.
ත්රිරෝද රථ රියදුරා, විදේශ රටකට යාම සදහා ගමන් කරමින් සිටි පුද්ගලයා සහ තවත් අයෙක් බරපතළ තුවාල සහිතව මුන්දලම රෝහලට ඇතුළුකර තිබූ අතර පසුව ඔවුන්ව හලාවත මහ රෝහලට යැවිමට කටයුතු කර තිබුණි.