චීන සමාගමක් මගින් දැනට ක්‍රියාත්මක කෙරෙන මොරගහකන්ද ජලාශයේ සිට ජලය රැගෙන යාමට යෝජිතව, උතුරු මැද මහ ඇල ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරෙන යන්ත්‍ර උපකරණ සඳහා භාවිතයට යොදා ගනු ලබන, රුපියල් ලක්ෂ 16 ආසන්න මුදල් වටිනාකමකින් යුත් ග්‍රීස් බැරල් හතරක් සොරාගෙන අලෙවියට සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි
මොරගොඩ පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත මොරගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාගේ උපදෙස් අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සම්පත් ජයසුන්දර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මීගස්වැව ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ලංකාවෙහි ප්‍රධාන පෙළේ ඔයිල් සමාගමකට අයත් ලොරි රථයක් පරීක්ෂාවට ලක් කර සැකපිට සැකකරුවන් හතරක් අත් අඩංගුවට ගෙන ඇත.
එම අවස්ථාවේ ලොරි රථය තුළ හතර දෙනකු සිට ඇති අතර ලොරි රථයේ පසුපස ග්‍රීස් බැරල් හතරක් හා ඔයිල් බැරල් එකක් තිබී ඇති අතර පොලිස් නිලධාරින් එම රථයෙහි රියදුරුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී උතුරු මැද මහඇල ව්‍යාපෘතිය සඳහා භාවිතා කිරීමට ගෙන එනු ලැබූ ග්‍රීස් සහ ඔයිල් අතරින් සොරාගත් ග්‍රීස් බැරල් හතරක් බව අනවරණය කර ගෙන තිබේ.
මීගස්අවැව ක්‍රියාත්මක කෙරෙන උමගේ වැඩ බීමට ලැබු ග්‍රීස් සහ ඔයිල් ගබඩා කර තිබු ගබඩාවේ තිබීයදී උමගේ සේවා සපයන ආයතනයක සේවය කරමින් ගබඩාව භාරයේ සිටි දෙදෙනඅකු හා ඔයිල් හා ග්‍රීස් සැපයු පුද්ගලික සමාගමේ සේවකයන් දෙදෙනකු එක්ව මෙම ඉතා සුක්ෂම අයුරින් පිටතට නොපෙන පරිදි ලොරියේ සගවාගෙන ගබඩාවෙන් පිටතට රැගෙන ගොස් අලවීයට සුදනම් කරමින් සිටි බව සැකකරුවන්ගෙන් කළ ප්‍රශන කිරිම්වලින් අනාවරනය කර ගෙන තිබේ.