ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ තොටලඟ පැරණි පොළ අසල කැලණි ගඟේ නාඳුනන මළ සිරුරක් තිබී සොයාගෙන ඇත.
මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඔහු වයස අවුරුදු 45ත් 50ත් අතර වූ පිරිමි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කරයි.