සී ෂෙල්ස් දිවයිනේ බන්ධනාගාරවල රැකියා සඳහා යොමු කරන බව පවසමින් පුද්ගලයන් බඳවා ගත් මීගමුව ප්රදේශයේ විදෙස් රැකියා නියෝජිතායතනයක් වැටලීම් කර ඒ හිමිකරු අත්අඩංගුවට ගත් බව විදෙස් සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් අංශය පවසයි.
බලපත්රලාභී විදේශ රැකියා නියෝජිත ආයතනයක් මගින් විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා පුද්ගලයන් බඳවා ගන්නා බවට ලද තොරතුරක් මත අදාල රැකියා නියෝජිත ආයතනය වටලා සිදුකළ පරීක්ෂණයේදී විදෙස් බන්ධනාගාරවල සේවය සඳහා බඳවාගත් පුද්ගලයන් හය දෙනකුගේ ගමන් බලපත්ර සහ අයදුම්පත් හයක්ද සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අදාල විදේශ රැකියා නියෝජිත ආයතනයේ බලපත්රය තාවකාලිකව අත්හිටුවීමට ද කාර්යාංශය තීරණය කර ඇත.