‘මට වෙඩි තිබ්බා. වේදිකාවේ කතා කරමින් සිටිද්දී, මට වෙඩි හඬ කීපයක් ඇසුණා. හිටිහැටියේ දකුණු කණ අසලින් වේදනාවක් දැනුණා. අතගාලා බලද්දී, මගේ දකුණු කණ් පෙත්ත තුවාල වෙලා. මට වෙඩි වැදුණු බව වැටහුණේ එවිටයි.’ යැයි වෙඩි ප්‍රහාරයට ලක් වී කඩිනමින් රෝහල්ගත කළ ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලේ සිට සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා සටහන් පළ කරමින් පැවැසුවේය.
නොවැම්හිබරයේ පැවැත්ටවෙන ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපති ඩිමොක්රටික් පාක්ෂික ජෝ බයිඩන්ගේ ප්‍රතිවාදියා වන ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයට ලක් වූයේ පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ රිපබ්ලිකන් මැතිවරණ රැළියක් අමතද්දීය.
‘මම මගේ ආරක්ෂක අංශ සාමාජිකයන්ටත් හමුදා සහ පොලිස් නිලධාරීන්ටත් ස්තුතිවන්ත කරනවා. ඔවුන් සැණින් මට ආරක්ෂාව දුන්නා. වහා ක්‍රියාත්මක වී වෙඩික්කරු මර්දනය කළා. රැලියට පැමිණ සිටි මගේ හිතවාදියෙක් වෙඩි වැදී මියගියා. ඒ ගැන මට කනගාටුයි. මම ඔහු වෙනුවෙන් කනගාටු වෙනවා. ඔහුගේ පවුලේ අයට කනගාටුව පළ කරනවා. මට දැනගන්න ලැබුණා තවත් බරපතළ තුවාල ලැබූවෙක් සිටින බව. ඇමෙරිකාවේ මැතිවරණ රැලියක මෙවැනි දෙයක් සිදුවීම බරපතල අර්බුදයක්.’ යැයි ට්‍රම්ප්ගේ සමාජ මාධ්‍ය සටහනේ වැඩි දුරටත් සඳහන් වී ඇත.