යාපනය වේලනෙයි වෙරළ තීරයට ධිවරයකුගේ මෘත දේහයක් ගොඩ ගසා තිබියදී හමු වූ බව ඌ(ර්)කාවතුරේ පොලිසිය සදහන් කරයි. ඒ අනුව අදාළ මෘත දේහය ඊයේ (05) වේලනෙයි ප්රදේශයේ සුරුවිල් වෙරළට මෙසේ ගොඩගසා තිබියදී හමුව තිබේ.
වෙලනෙයි තුරෙයිඌර් ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක පමණ ධීවරයෙකු මෙසේ මසුන් ඇල්ලීමට මුහුදු ගොස් ඇති අතර ඔහු මිය ගොස් මුහුදු වෙරළට ගොඩගසා තිබියදී හමුව තිබේ.
ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් ඌ(ර්)කාවතුරේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.