කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඊයේ (30) පස්වරු 6.40 ට රඹුක්කව බලා පිටත්වූ දුම්රියට දෙමටගොඩ ප්‍රදේශයේදී කළුගල් ප්‍රහාරයක් එල්ලවීමෙන් දුම්රියේ වීදුරුවකට සහ දොරකට හානි වී තිබේ.
විශාල මගීන් සංඛ්‍යාවක් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියට එල්ල වූ ගල් ප්‍රහාරයෙන් කිසිඳු මගියෙක්ට හානියක් වී නොමැති අතර විශාල ගල වීදුරුවක් බිඳගෙන මගියකුගේ දෙපා ඉදිරිපිට නතර වී තිබේ.
මගීන් කීපදෙනකු විදුරු කටුවලින් නැහැවී ඇති අතර ගල් ප්‍රහාරය එල්ල වුවද දුම්රිය නොනවත්වා ධාවනය කර තිබේ.