උඩරට දුම්රිය මාර්ගයේ ගලබොඩ හා ඉඟුරුඔය දුම්රිය ස්ථාන අතර රාත්‍රී තැපැල් දුම්රිය පීලිපැනීම හේතුවෙන් පැවැති මාර්ග අවහිරතා අද (30) උදෑසන සිට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගෙන ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය අද (30) අලුයම 1.15ට පමණ පිලී පැනීමටකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට මෙසේ බාධා එල්ල වී පැවැති බවද දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි.
උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශයෙකු වැඩිදුරටත් පැවැසීය.