ඇහැලියගොඩ ගැටහැත්ත උඩුවක ප්‍රදේශයේ ඊයේ (27) දහවල් සිදුවූ විශාල නාය යාමක් නිසාවෙන් නිවාස අටක් සම්පූර්ණයෙන් යටවී ඇතැයි ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
මෙම නාය යාම සිදුවූ ප්‍රදේශයේ උදෑසන සිටම නාය යෑම් ලක්ෂණ පෙන්වූ බැවින් එම ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 48 පුද්ගලයින් 153 දෙනකු එම ස්ථානයෙන් ඉවත් කර උඩුවක විද්‍යාර්ථ විද්‍යාලයේ රඳවා අහන කටයුතු සලසන බව ඇහැලීගොඩ ප්‍රාදේශීය ලේකම් එස්.ඒ. දිල්රුක් මහතා පැවසීය.
අදාළ නාය යෑම නිසාවෙන් ඊට පහළින් කලා බසිනා ගැටහැති ඔය සම්පූර්ණයෙන්ම හරස් වීම නිසාවෙන් අදාළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට අවදානම් තත්ත්වයක් තත්ත්වයක් ද හටගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.