හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු ඊයේ (22) දින අත් අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශනය ඒකකය පවසයි
අදාල සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවකු නීතිඥවරයකු මාර්ගයෙන් හං ඇල්ල පොලිසියට ඊයේ (22) උදෑසන භාරවීමෙන් පසු අත් අඩංගුවට ගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත අනෙක් සැකකරුවන් සිව් දෙනා ද අත් අඩංගුවට ගත් බව ද එම ඒකකය පවසයි
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 21 ත් 24 ත් වයස්වල කඩුවෙල නවගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් පස් දෙනෙකි
මෙලෙස සමූහ දූෂණයට ලක් වූ පාසල් ශිෂ්‍යාව තම පෙම්වතා හමු වීමට පෙරේදා (21) ගොස් නැවත නිවස බලා පැමිණෙමින් සිටි අතරතුර දී යතුරු පැදි වලින් පැමිණි පුද්ගලයින් පස් දෙනෙකු විසින් අදාල දැරිය බලහත්කාරයෙන් යතුරු පැදියක නංවාගෙන ජල්තර ප්‍රදේශයේ ඉදි කරමින් පවතින ආදාහනාගාරයක් තුලට ගෙන ගොස් සමූහ වශයෙන් දූෂණයට ලක් කර ඇති බව එම දැරිය විසින් සිදුකල පැමිණිල්ලෙහි සදහන් ව තිබුණි
සැකකරුවන් අද (23) දින හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වේ
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ නිලධාරීන් නුගේගොඩ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් නුගේගොඩ කොට්ඨාස අපරාද විමර්ශන ඒකකයේ නිලධාරීන් හා එක්ව හං ඇල්ල පොලිසිය පරීක්ෂණ පැවැත්විය.