ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල පහළ යාමේ වාසිය සත්‍ය වශයෙන්ම මේ රටේ ජනතාවට නොලැබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යනාංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ලංකාදීපයට පැවසීය.
භාණ්ඩ හා සේවා මගී ප්‍රවාහන වියදම් මෙන්ම පොදුවේ ජීවන වියදම පහළ නොයන්නේ පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් රටේ සැලකිය යුතු ආකාරයට පහළ නොයන නිසා බවද ඔහු සඳහන් කළේය.
ලංකාවේ පෙට්‍රල් 95 ලීටරයක මිල 2023 සැප්තැම්බර් රුපියල් 420 ක් පමණ වූ අතර දැනටත් පවතින්නේ එම මිලම බව ඔහු කීවේය.
මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙසේද පැවසීය.
පසුගිය වසරේ සැප්තැම්බර් වන විට බොරතෙල් බැරලයක මිල වාර්තා වන්නේ ඩොලර් අනූ හතරක් ලෙසයි.එය පසුගිය වසරේ දෙසැම්බර් වන විට බැරලයක මිල ඩොලර් 68ක් දක්වා අඩුවෙනවා. මේ අවුරුද්දේ මාර්තු වෙනකොට ඩොලර් 83 දක්වා වැඩිවි නැවත පසුගිය ජුනි වන විට ඩොලර් 74 ක් දක්වා පහළ යනවා. ඒ කියන්නේ 2023 සැප්තැම්බර් සිට මේ දක්වා බොරතෙල් බැරලයක මිල සියයට විසි හතකින් පහළ ගිහින් තියෙනවා.