හංවැල්ල වග ඉරිදා පොල ප්රදේශයේ මාර්ගයකට වැස්සත් සමඟ පැමිණි දැඩි සුළගකින් ඇද වැටුණු පුළුන් ගසක යතුරු පැදිකරුවකු ගැටී අද (23) සිදු වූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා තවත් පිරිසක් සමග වෙසක් දන්සැලක් සංවිධානය කරමින් සිට එහි තිබූ විදුලි උත්පාදන යන්ත්රය සදහා ඉන්ධන ඉන්ධන රැගෙන ඒමට පැමිණෙමින් සිටියදී මාර්ගය හරහා වැටුණු ගසෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ වග ඉරිදා පොල ප්රදේශයේ පදිංචිකරුවකු වන උපුල් අනුරුද්ධ දෙහිවල ලියනගේ නමැති 47 හැවිරිදි දෙදරු පියෙකි