ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.
ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන, දේශගුණික අවදානම් සංසදය (CVF) වෙනුවෙන් එහි මහ ලේකම් මාලදිවයිනේ හිපටු ජනාධිපති මොහොමඩ් නෂීඩි සහ පෘතුගාලයේ Nativa Capital සමාගමේ ප්‍රධාන විධායක අධ්යක්ෂ කාලෝස් ගෝමස් මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
ගොවිපල අස්වැන්න සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීමේ අරමුණින් වැඩිදියුණු කළ සහ වඩාත් තිරසාර ගොවිතැන් පිළිවෙත් හඳුන්වා දීම ද ගිවිසුමේ අරමුණකි.
මෙම ගිවිසුම යටතේ එක්සත් ජනපද ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සිදු කර ගොවි පවුල් 15,000කට අවශ්‍ය ආධාර හා තාක්ෂණය ලබාදෙන නියමු ව්‍යාපෘතියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට ද නියමිතය.
අවබෝධතා ගිවිසුමට ඇතුළත් කර ඇති ගොවිතැන් හා වන වගා ව්‍යාපෘති හඳුනාගෙන තිබෙන්නේ දේශගුණික අවදානම් සංසදය (CVF) හි සහාය ඇතිව ශ්‍රී ලංකාව විසින් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකාවේ දේශගුණික සෞභාග්‍ය සැලැස්ම තුළිනි.
මේ සම්බන්ධයෙන් ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයිවර්ධන මහතා කියා සිටියේ තිරසර කෘෂිකර්මාන්තයක් මඟින් ශක්තිමත් අපනයන ආර්ථිකයක් නිර්මාණය කළ හැකි බවයි.