ජාඇල ඒකල ප්රදේශයේ ඇලුමිනියම් ආශ්රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.
මෙම ගින්නට හේතුව අනාවරණයවී නොමැති අතර දේපල හානි පමණක් දැනට සිදුවී ඇතැයි ද කිසිවකුට හෝ හානියක්වූ බවට දැන ගන්නට නැති බවද පොලිසිය සදහන් කරයි.
ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකය, සහ මීගමුව මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය මගින් ගින්න පාලනය කිරීමට පියවර ගනු ලැබීය.