බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු මැද සහ උතුරු පළාත්වලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කීපයකට වැසි ඇති වේ.
පුත්තලම සිට කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට පමණ වැඩි තරමක තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති වේ.