සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංවිධානය කර තිබූ ගම හරහා දිවීමේ (මැරතන්) ධාවන තරගයට සහභාගී වී සිටි දාහත් හැවිරිදි ක්‍රීඩකයකු ඊයේ 21 වැනිදා හදිසියේ රෝගාතුර වී ඇද වැටී මිය ගිය බව ගිරිඋල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වෑතෑව අමරගොඩ ප්‍රදේශයේ අධිකාරී මුදියන්සේලාගේ රවිදු ඩිල්ෂාන් අධිකාරී නමැති පාසල් සිසුවෙකි.
ඔහු ලබන මාසයේ පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වී සිටි සිසුවෙකි.
වැත්තෑව ප්‍රජා ශාලාව අසලින් ඊයේ උදෑසන ආරම්භ වූ මෙම මැරතන් ධාවන තරගයට සහභාගී වූ මෙම සිසුවා එම තරගය අවසන් කිරීමට මීටර් 500ක පමණ දුරක් තිබියදී මාර්ගයේ ඇද වැටී අසල තිබූ කාණුවකට පෙරළී ගිය බව අවුරුදු උත්සවය නැරඹීමට ගොස් සිටි කිහිප දෙනකු පැවැසූ අතර දිව යන විට කලාන්තය සෑදී ඇද වැටෙන්නට ඇතැයි පැවසේ.
එම තරගය පැවැත්වෙන අවස්ථාවේ ප්‍රදේශයේ අධික අව් රශ්මියක් තිබුණු බව ද කියති.