පොළොන්නරුව දිවුලාන ප්රදේශයට මී ගව සොරකමට ආ පළාත් පාලන මැතිවරණ අපෙක්ෂකයකු ඇතුළු සිව් දෙනෙකු, මස් ප්රවාහනට යොදාගත් වාහන හතරක් සමඟ අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
මෙම සොරකමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පළාත් පාලන අපෙක්ෂකයා, පසුගිය පළාත් පාලන මැතිවරණයට ප්රධාන පක්ෂයකින් ඉදිරිපත්ව දැනට කොට්ඨාස සංවිධායකයකු ලෙස කටයුතු කරන පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ටී.බණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොළොන්නරුව ගල්ලෑල්ල තඹල ප්රදේශයේ පදිංචි අවුරුදු තිස්පහත් පනස් පහත් අතර වයසේ පසුවන්නන් බවත්, ඔවුන් වසර ගණනාවක සිට පොළොන්නරුවේ ප්රදේශ කිහිපයක ගවයන් සොරකම් කර මස්කරමින් රාත්රී කාලයේ බස් රථවල කොළඹ ප්රදේශයේ ප්රධාන හෝටල් රැසකට ප්රවාහනය කරපු අයවලුන්ද බවද හෙළි වී ඇති බව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.