ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය ආරම්භ කර තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ ඇත.
එම මෙහෙයුම ඊයේ (06) සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතය අනුවය.
ඒ අනුව, ඊයේ දිනය තුළ ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේද භාවිත කරමින් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගලයින් 198 දෙනෙකුගෙන් තොරතුරු ලබාගෙන ඇත.
මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුලුනු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීය පවසයි.