අවුරුදු හැත්තෑ තුනක් වයසැති සිය මාමණ්ඩිය ඝාතනය කළේ යැයි කියන බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසිය පවසයි.
මෙම අපරාධය ගැන දැන එම තොරතුරු වසං කළේ යැයි කියන අවුරුදු 65 ක් වයස පුද්ගලයෙක්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කැලණිය පොලිසියේ නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.
කැලණිය ගෝනවල ගුරුවිල පාරේ පදිංචිව සිටි ඒ. ඒ.ඩි. සිරිසේන නැමැති අය සැකකටයුතු ලෙස නිවස තුළ මියගොස් සිටියදී සොයා ගනු ලැබීය.
මෙම පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමේ දී ඔහුට පහර දී හුස්ම හිරකර ඝාතනය කර ඇති බවට සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර තිබිණි යැයි පොලිසිය පවසයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා හෙළිවූ තොරතුරු මත ඝාතනය වූ පුද්ගලයාගේ බෑනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.

