කොට්ටාව, හයිලෙවල් මාර්ගයේදී සිදුවූ රිය අනතුරකින් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ වෑන් රථයක් දකුණට හැරවීමට යාමේදී මාකුඹුර දෙස සිට කොට්ටාව දෙසට ධාවනය කළ යතුරුපැදියක ගැටී එම අනතුර සිදුව ඇත.
අනතුරින් පසු යතුරුපැදිය මාර්ගයේ පෙරළී කොට්ටාව දෙස සිට මාකුඹුර දෙසට ධාවනය වූ කැබ් රථයක ගැටී තිබේ.
ඊයේ (25) සිදුවූ එම අනතුරින් මිය ගිය තරුණයා පන්නිපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරට සම්බන්ධ වෑන් රථයේ හා කැබ් රථයේ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර කොඩිකාමම්, පූතුර් හන්දිය අසලදී සුඛෝපබෝගී බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිත්කෂයට පත්ව තිබේ.
එසේ මියගොස් ඇත්තේ, කිලිනොච්චිය ප්රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.