බේරුවල ආරියවංශ විදුහලේ සුහුරු පන්ති කාමරය කඩා එහි තිබූ ලැප්ටොප් 12ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් එම පාසලේම සිසුන් දෙදෙනකු ඇතුළු පස්දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම පාසලේ ලබන වර්ෂයේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමට නියමිත 16 හැවිරිදි සිසුන් දෙදෙනෙකු, පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනකු බව පොලීසිය කීය.
පසුගිය පෙබරවාරි මාසයේ පසළොස්වක පොහොය දින පාසලේ සුහුරු පන්ති කාමරය කඩා ලැප්ටොප් සොරකම් කර ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබූ බව පොලීසිය පැවසීය.
එම පාසලේ සිසුන් දෙදෙනෙකු ලැප්ටොප් යන්ත්‍ර අලෙවි කිරීමට සොයන බවට විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී , පානදුර සහ පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු සම්බන්ධ කර ගනිමින් එම ලැප්ටොප් අලෙවි කිරීමට සූදානම් බවට පොලීසිය විසින් තොරතුරු අනාවරණ කරගෙන තිබේ.
ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන සොරකම් කරන ලද ලැප්ටොප් 12ක් පාදුක්ක ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගෙන තිබුණි.