දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමිවී තිබේ.
මෙරොන්තුඩුව, කිරින්ද, පුත්තලම, මාදම්පේ සහ අතුරුගිරිය යන ප්‍රදේශවලදී මෙම මාරක අනතුරු සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ඊයේ (22) මොරොන්කුඩුව කළුතර – බණ්ඩාරගම මාර්ගයේ දැල්කඩ ප්‍රදේශයේ දී බණ්ඩාරගම දෙස සිට මොරොන්තුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිවය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 19 හැවිරිදි බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර, තිස්සමහාරාමය කිරින්ද මාර්ගයේ විලමුල්ල හන්දිය අසලදී අතුරු මාර්ගයකින් පැමිනි යතුරුපැදියක් එකවැරම ප්‍රධාන මාර්ගයට පිවිසීමේදී පැදිකරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව යතුරුපැදිය මාර්ග අසල පිහිටි තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇත.
එහිදී බරපතළ තුවාල ලැබු පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
මෙලෙස මියගොස් ඇත්තේ 40 හැවිරිද තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර ඊයේ පුත්තලම කුරුණෑගල මාර්ගයේ ගල්කුලම ප්‍රදේශයේ දී කුරුණෑගල දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ ලොරි රථයක් විරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරුව එම ලොරි රථය පෙරළී ගොස් අනතුරක් සිදුව තිබේ.
එහිදී යතුරුපැදියේ පැදිකාරිය හා පිටුපස ගමන්ගත් කාන්තාවක් සහ කුඩා ළමයෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළු කිරීමේ දී පැදිකාරිය මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ආණමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි කාන්තාවකි.
ලොරි රථයේ රියදුරු ද තුවාල ලබා පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය පවසයි.
මේ අතර, ඊයේ රාත්‍රියේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ කිලෝමීටර් 63 කණුව අසලදී හලාවත දෙස සිට මාරවිල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා හලාවත රෝහට ඇතුළු කිරීමේ දී මියගොස් තිබේ.
ඔහු 54 හැවිරිදි මැල්ලවාගාරය මාදම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.
අතුරුගිරිය පනාගොඩ ඇඹුල්ගම මාර්ගයේ පනාගොඩ හන්දිය ආසන්නයේ දී පනාගොඩ දෙස සිට ඇඹුල්ගම දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී අනතුරක් සිදුව ඇත.
ඉන් බරපතළ තුවාල ලැබු පැදිකරු හෝමාගම රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළු කර තිබේ.
නමුත් ඔහු මියගොස් තිබුණි.
මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි පනාගොඩ හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.