ලිට්රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.
මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.
මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.