වඩුක්කෝට්ටේ, පොන්නාලේ හන්දිය ප්රදේශයේදී පුද්ගලයින් පිරිසක් විසින් අඹුසැමි යුවළක් පැහැරගෙන ගොස් පිරිමි පුද්ගලයාව තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබේ.
ඊයේ (11) රාත්රී කාලයේදී එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, වඩුක්කෝට්ටේ ප්රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු හා ඔහුගේ බිරිඳ යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අවස්ථාවේ පොන්නාලේ හන්දිය ආසන්නයේදී මරණකරු සමග පෙර අමනාපයක් තිබූ පිරිසක් මෝටර් රථයකින් පැමිණ සිටින බව දැක ඇත.
එහිදී මරණකරු යතුරුපැදිය හරවා පොන්නාලේ නාවික හමුදා මුරපොළ අසලට ධාවනය කර තිබේ.
ඔවුන් පසුපසින් පැමිණ මෙම පිරිස මරණකරු හා බිරිඳ යතුරුපැදිව සමග පැහැරගෙන ගොස් ඇති අතර පසුව කාන්තාව සිත්තන්කේනි හන්දියේ දමා ගොස් ඇත.
පසුව මරණකරු තියුණු ආයුධවලින් පහරදී බරපතළ තුවාල සිදුකර කොට්ටකාඩු රෝහල අසලට මොටර් රථකින් ගෙනවිත් දමා සැකකරුවන් පළාගොස් තිබේ.
තුවාලකරු වැඩිදුර ප්රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේදී මියාගොස් ඇත.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට වඩුක්කෝට්ටේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.