අගලවත්ත නගරයේ සිංහල බෙහෙත් අලෙව්සලක තිබු රුපියල් හාරලක්ෂ අසු දහසක් පමණ වටිනා මත්ගුලි පැකට් දෙදහස් හාරසීයක් සමග වෙළෙඳසල් හිමිහිමිකාරියවූ (55) හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය සඳහන් කරයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත නගරයේ සිංහල ආආයුර්වේද ඖෂධ හලක් පවත්වාගෙන යනු ලබන ඕමත්ත ප්‍රදේශයේ කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.
පාසල් ළමුන් මත් උවදුරින් බේරාගැනීම වෙනුවෙන් ආරම්භ කරන ලද යුත්තිය මෙහෙවුමේ පවුර සංකල්පයට අනුව මීට ඉහතදී අගලවත්ත නගරයේ සියලුම ආයුර්වේද ඖෂධ ශාලා හිමියන් අගලවත්ත පොලිසිය වෙත කැඳවා මෙවැනි මත්ගුලි වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පාසල් දරුවන් ඇතුළු කිසිදු පුද්ගලයෙකුට අළෙවි නොකරන ලෙස පෞද්ගලිකවම අවවාද කර තිබේ.