හමාස් සමඟ පවතින යුද්ධය මධ්‍යයේ ගාසා තීරයේ සිවිල් වැසියන්ට සිදුවන හානිය නොසලකා හැරීමෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායලයට යහපතට වඩා හානියක් සිදු කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේය.
නමුත් ඇමෙරිකාව ඊශ්‍රායලයට ලබා දෙන සහාය නවත්වන බව ඉන් අදහස් නොවන බව ඇමෙරිකානු ජනාධිපතිවරයා පැවැසුවේය.මේ දක්වා ඊශ්‍රායල හමුදා ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 30,960 මියගොස් තවත් 72,524 තුවාල ලබා ඇතැයි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කළේය.
ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීමට ගාසා තීරයේ තාවකාලික වරායක් ඉදි කිරීම සඳහා ජනරාල් ෆ්රෑන්ක් එස් බේසන් නෞකාව වර්ජිනියා වරායෙන් පිටත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගාසා තීරයට අවශ්‍ය ආධාර සෘජුව කඩිනමින් ලබා දීම සඳහා තාවකාලික වරායක් ඉදි කරන බව පවසා පැය 36 යනන්ටත් මත්තෙන් ජනරාල් ෆ්රෑන්ක් එස් බේසන් නෞකාව තාවකාලික වරායක් ඉදිකිරීම සඳහා අවශ්‍ය පළමු උපකරණ තොගය රැගෙන වර්ජිනියා වරායෙන් පිටත්වූ බව විදෙස් මාධ්‍ය පැවැසුවේය.