උතුරු කොරියාව ඕනෑම මොහොතක යුද්ධයකට සූදානම් බව පිළිබිඹු කරමින් එරට නායක කිම් ජොං අන්, සිය කාලතුවක්කු හමුදාවේ වෙඩිතැබීමේ පෙරහුරුවක් මෙහෙයවීමට එක්වී තිබේ.
උතුරු කොරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවාව සඳහන් කළේ දකුණු කොරියානු දේශසීමාවේ රඳවා ඇති බලඇණියක් එහිදී සතුරු අගනුවරට ප්‍රහාරයක් එල්ල කරන ආකාරය අත්හදාබැලූ බවයි.
මිලියන 10ක ජනකායක් වෙසෙන දකුණු කොරියාවේ සෝල් අගනුවරට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා අවශ්‍ය බලය මෙමගින් අත්හදාබලා ඇති බව වාර්තා වෙයි.
එමගින් වැදගත් හමුදාමය පෙරහුරුවක් සපුරාලීමට හැකි වූ බවත්, එය තම යුද ශක්තිය විදහා පෑමක් බවත් උතුරු කොරියානු රාජ්‍ය ප්රවෘත්ති සේවාව සඳහන් කළේය.
කෙසේ නමුත් උතුරු කොරියාව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ දකුණු කොරියාව දෙසට නොව කහ මුහුදටයි.
එම පෙරහුරුව ඊයේ (07) පෙරවරු 11 සිට පස්වරු 5 දක්වා පැවති බව දකුණු කොරියානු ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය සඳහන් කළේය.