මීගමුව පමුණුගම මාර්ගයේ ලෙල්ලම අසල දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අගෝස්තු මස 12වන දා වෙඩි තැබීම සිදුකළ තිබූ අතර ඒ සඳහා වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය ප්රවාහනය කර සඟවා තැබීමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.
ඔවුන් අවුරුදු 32 හා 40 යන වයස්වල පසුවන බදුවත්ත සහ අම්බලයාය යන ප්රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන්ගෙන් සුදුකළ ප්රශ්න කිරීම්වලදී අපරාධකරුවන් පැමිණි යතුරුපැදිය ද මීගමුව කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.