මෝදර පොලිස් වසමේ අවන්හලක ප්‍රධාන දොරටුව අසල දී එම අවන්හලේ කළමනාකරු වෙඩි තබා ඝාතනය කිරීමට තැන් කිරීමේ අපරාධයට අධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
එක් සැකකරුවෙකු ඊයේ උදෑසන කාලයේ දී කොළඹ උතරු කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන මෝදර පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 36ක් වන කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඊයේ අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුර ව එළැඹෙන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධාගාරගත කර තිබිණි.
එම සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ තොරතුරු මත මෙම වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ සවස් කාලයේ දී අත්අඩංගුව ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 875ක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ජාඇල ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් පැමිණි ත්‍රිරෝද රථය ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, මෝදර පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.