බදුල්ල සිට අම්පාරට පැමිණී තරුණයකු පෙම්වතිය සමග නතරවීමට තොරාගත් ස්ථානයට ගෙවීමට මුදල් නොමැති නිසා කඩයක් බිද රුපියල් 10,000 කට ආසන්න මුදල් සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.
තරුණිය අම්පාර බස්නැවතුම් පොළේ නතර කර තරුණයා නගරයේ ප්රසිද්ධ තොග වෙළඳ ආයතනයට අනවසරයෙන් ඇතුල්වී මුදල් සොරාගෙන ඇතිබව අනාවරණයවී ඇත.
අම්පාර පොලිස් රථවාහන රජකාරියේ යෙදී සිටි නිලධාරීයකුට ඇතිවු සැකයක්මත ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
බස් නැවතුමේ සිටි තරුණිය මව්පියන් කැදවා බාරදීමට කටයුතු කළ පොලිසිය, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරමින් සිටී.