ගලෙන්බිඳුණුවැව – ගැටලාව ප්රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ, අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදිය පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මාර්ගයෙන් ඉවතට පැන අසල තාප්පයක ගැටී මෙම අනතුර සිදු ව ඇති බවයි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපැදිකරු ප්රතිකාර සඳහා ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරු ව පසුපැදිකරු මිය ගොස් ඇත.
මිය ගොස් ඇත්තේ, 19 හැවිරිදි රාජාංගනය දකුණු ඉවුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
යතුරුපැදිකරු වැඩිදුර ප්රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.