බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ දී පුද්ගලයෙකුට වෙඩිතබා වෙඩික්කරු පළා යන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයෙකු වන බිම්සර ගුණසේකර හෙවත් “වනාතේ බිම්සර” නැමැත්තාට ඊයේ (19) රාත්‍රියේ වෙඩිතබා තිබේ.
බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළදී ඊයේ රාත්‍රී 10ත් 10.15ත් ආතර කාලය තුළදී වෙඩිතැබීමක් සිදුකර තිබිණි.
මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියකින් එම වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩික්කරුගේ ඉලක්කය වී තිබුණේ 38 හැවිරිදි “වනාතේ බිම්සර” නැමැත්තාය.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මේ වනවිට එහි දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
වෙඩිවැදීමෙන් තුවාල ලැබූ වනාතේ බිම්සර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස ලේඛන ගතවී සිටින අයෙකි.
ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වෙරළබඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණ ඇත්තේ පසුගිය 5 වනදාය.
එමෙන්මට වනාතේ බිම්සර මීට දින කිහිපයකට පෙර අදාළ මහල් නිවාසයේ තාවකාලික පදිංචියට පැමිණ ඇති අයෙක් බව පොලීසිය පැවසීය.