පදියතලාව පොලිස් වසමේ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක තිබී සැක කටයුතු ලෙස මිය ගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමු ව ඇත.
මරණකරු පසුගිය 16 වැනි දා රැකියාව සඳහා ගොස් සිට නැවත නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් ඊයේ (17) පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබිණි.
එම පැමිණිල්ල මත සිදු කරන ලද විමර්ශනයේ දී මරණකරු සේවය කළ වාහන සේවා ස්ථානය ආසන්නයේ ළිඳක ඔහුගේ සෙරෙප්පුවක් තිබීම හේතුවෙන් ළිඳ පරික්ෂා කිරීමේ දී එම පුද්ගලයාගේ මෘත ශරීරය හමු ව තිබේ.
මිය ගොස් ඇත්තේ, හරස්ගල – මහඔය ප්රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පදියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.