රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දෙමටගොඩ රුවන් නමැත්තාගේ බිරිඳ, පුතා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරිය ඊයේ (08) ඇප මත මුදාහැර තිබේ.
රුපියල් මිලියන 168 කට අධික මුදල් හා දේපොළ අයථා ලෙස උපයා ගැනීමේ චෝදනාව යටතේ මූල්‍ය විමර්ශන කොට්ඨාසය මගින් ඔවුන්ව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
සැකකරුවන්ට රුපියල් 50,000ක ශරීර ඇප දෙක බැගින් නියම කෙරුණු අතර සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසද අධිකරණය නියම කළේය.
තවද සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසද සැකකරුවන් තිදෙනාට අධිකරණයෙන් නියම කර තිබේ.