රැඳවුම් නියෝග මත ආදුරුප්පුවීදිය පොලිසියේ රඳවා සිටියදී උග්ර වස වර්ගයක් මිශ්රකර කිරි තේ ලබාදුන් බව කියන ආගන්තුකයා ආරක්ෂක කැමරා මගින් නිශ්චිතව හඳුනාගෙන ඇතැයි පොලිසිය කියයි.
ආදුරුප්පුවීදිය ජින්තුපිටිය ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකට සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි බව පොලිසිය පවසයි.
ආගන්තුකයා ලබා දුන් කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව රෝගී වී ඇති අතර ඒ සමග ඔවුන් රෝහල් ගත කිරීමට පොලිසිය කටයුතු කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් කණ්ඩායමක් සි සි ටි වි දර්ශනවල සිටින පුද්ගලයා සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයන්ගේ ඡායාරූප එකිනෙක සැසඳීමෙන් අනතුරුව එම සැකකරුව හඳුනාගෙන තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මේ වන විට එම සැකකරුවන් දෙනා පමණක සුවය ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.