ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්රධාන මාර්ගයේ පිහිටා ඇති හුලංදා ඔය පාලම අද (05) අලුයම කඩා වැටී තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, කොට පැටවූ ලොරි රථයක් පාලම හරහා ගමන් කරමින් තිබිය දී පාලම එලෙස කඩා වැටී ඇති බවය.
අනතුරින් ජීවිත හානි සිදුව නොමැති අතර, ඉහත මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම්දෙයි.